Friday, May 13, 2011

Jaya Siri Ma Hamuduruwane - ජය සිරි මා හාමුදුරුවනේ

ගීතය රස විඳින්න පහත මාධ්‍යය (media player) භාවිත කරන්න.


ජය සිරි මා හාමුදුරුවනේ..
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
ගිණිමැල ගහගෙන රැක හිටියා..
එහෙව් අපට අද එන්ඩ තහංචිද,
ජය සිරි මා හාමුදුරුවනේ..

වැලි මළුවේ ඉඳ සාදු කියනකොට,
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි..
ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු,
අපේ බාර පිලිගන්ඩ හොඳයි..

රන් වැට පාමුල සාදු කියනකොට,
ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි..
බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි,
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි..

Artist: Deepika Priyadarshani

0 comments:

Post a Comment

සිහින පාරාදීසයේ "සත්සරනි" සංගීතමය අවකාශයට පැමිණි ඔබ සැමට ස්තුතියි. දිනපතා එකතු වෙන ගීතයන් රස විඳීම සඳහා නැවත පැමිණෙන්න. ඔබෙගේ අදහස් අපවෙත පළ කර යාමට අමතක නොකරන්න.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes