Saturday, May 7, 2011

Ma Adhara Amma - මා ආදර අම්මා

ගීතය රස විඳින්න පහත මාධ්‍යය (media player) භාවිත කරන්න.

නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

ඇගෙ ආදර ලේ කිරි මම රස කරකර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

කඳුළු බිංදු හංගා මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
මා ආදර මගෙ අම්මා

යන එන තැන විමසා මා පසුපස උන්නා
හිත රිදුනම හිස අතගා දුක් ගින්දර නිවුවා
නිවැරදි මග පෙන්න ගුරුහරුකම් දුන්නා
ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා
මා ආදර මගෙ අම්මා

නපුරු වෙන්න එපා කියලා....
ඇගෙ ආදර ලේ කිරි....

Artist : Chamara Weerasinghe

0 comments:

Post a Comment

සිහින පාරාදීසයේ "සත්සරනි" සංගීතමය අවකාශයට පැමිණි ඔබ සැමට ස්තුතියි. දිනපතා එකතු වෙන ගීතයන් රස විඳීම සඳහා නැවත පැමිණෙන්න. ඔබෙගේ අදහස් අපවෙත පළ කර යාමට අමතක නොකරන්න.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes